විපරම -

කාලයේ අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති සුනිල් සරත් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කොත්මලේ ප්‍රජාගුවන් විදුලි සේවය අනිකුත් ප්‍රජා සහ ප්‍රාදේශිය සේවාවන්ගේ දායකත්වය ඇතිව සිංහල භාෂාවේ විවිධත්වය පිළිබදව ගවේෂණාත්මකව අධ්‍යනය කිරිමේ අරමුනින් භාෂා විද්‍යාගාරයක් කොත්මලේ ගුවන් විදුලි බහුවිධ මාධ්‍ය ඒකකයේදී ආරම්භ කිරිමට අදහස්කරන ලදි. සිංහල භාෂාවේ විවිධත්වය පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ජීවත්වන විවිධ ජන වර්ග මූලික කරගෙන ඔවුනගේ භාෂාවේ විවිධත්වය පිළිබදව අධ්‍යනය කර සංරක්ෂනය කිරිමටද ඉදිරියේදි බලාපොරොත්තු වේ.අන්තර්ජාලය ඔස්සේ භාෂාවේ විවිධත්වය පිළිබද කෙටි වැඩසටහන් ශ්‍රවණය කිරිමට ඉඩ ප්‍රස්තා සැලසෙන අතර ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන කෙනෙකුට කොත්මලේ ගුවන් විදුලියේ ස්ථාපිත කර තිබෙන භාෂා විද්‍යාගාරයට පැමිණ ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යනය කිරිමට පහසුකම් සලසා ඇත. භාෂාවේ විවිධත්වය සොයා එම තොරතුරු සංරක්ෂණය කරමින් අප යන ගමනේදි "ජනප්‍රවාද, ජනශ්‍රැති, ජන කවි, ජන ගී, ජනකතා "ආශ්‍රයෙන් යම් කිසි තොරතුරක් ඔබ සතුව ඇත්නම් එම තොරතුරු අප වෙත පරිත්‍යාග කිරිම සඳහාද ඉඩ ප්‍රස්ථා ඇති බව සතුටින් දන්වමු.


ජනප්‍රවාද- අපේ සංස්කෘතිය ඇතිවුන දා පටන් අපේ ඇති වී ඇති විවිධ සංස්කෘතික අංග.මෙම සංස්කෘතික අංග මුඛ පරමිපරාවෙන් පැවත එන්නකි.(ගායන,විශ්වාස,ඇදහිලි.)

ජනශ්‍රැත - ගායනය,වාදනය,විවිධ රංග ක්‍රම යනාදී ඇසීමට පවතින සංස්කෘතික අංගයන්ය. වර්තමානයේ මේවා ලිඛිතව පවතී.
මෙය පරමිපරාවෙන් පරම්පරාවට පැවැත එන්නකි.

ජනකතා - යම් කිසි හේතුවක් අරඹයා ගොඩනැගුණු කතාවක් ජනකතාවක් වෙයි.මෙසේ විවිධ කතා අතීතයේ සිට පැවත එයි. ගමරාල දිව්‍ය ලෝකයේ ගිය හැටි එවෙනි ජනකතාවකි.

ජනකවි- අතීතයේ ජීවන රටාවන් සමග ගොඩනැගුණු ස්වකීය නිර්මාණයන්ගෙන් සැදුම්ලත් කවියි. බොහෝ සෙයින් ගොවිතැන් කටයුතුවලදී, පතල් කැනීම් ආදී ජීවනෝපායන ක්‍රමවලදී තම විඩාව කාන්සිය නිවා ගැනීම සඳහා තමා විසින්ම නිර්මාණය කොට ගායනා කරයි. පතල් කවි, පාරු කවි,කරත්ත කවි, නෙළුම් කවි යනාදිය මෙම ජනකවි ලෙස නම් කෙරේ.