| |
|
| |
|
| |
එළුවන්
කෑම. - මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
ජන
ක්‍රීඩාවකි.මෙය විනෝදාස්වාදය සඳහා කරනු ලබන
ක්‍රීඩාවකි.එම ක්‍රීඩාවට අයත් ගායනය මෙහි ඇතුලත්
වේ. |
| |
කොත්මලේ
ගම් සඳහා නම් සෑදුනු ආකාරය - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
විශ්‍රාමික විදුහල්පති,
හේමපාල ගමගේ මහතා විසින් ජනප්‍රවාද වලට අනුව
කොත්මලේ ගම් සෑදුනු ආකාරය පිළිබඳව කරනු ලබන
විස්තරය.
|
| |
වැදි
ගී-
මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
කෝන් ගහේ ගීතය. |
| |
ලී
කෙලි ගී- මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
පන්සල්, දේවාල,පෙරහැර,
ආදිය සඳහා මෙම ජන නැටුම් ඉදිරිපත් කරයි. පටි
දගය තවත් රංග රටාවකි.එම ගීත ඇතුලත්ය.
|
| |
සොකරි
-
මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
බෞද්ධ
විහාර ආශ්‍රිත, පිංකම් වලදී මෙය රඟ දැක්වේ. උඩරට,
වන්නි යන ප්‍රදේශවල, ගොවිතැන් කටයුතුවලදී අස්වැන්න
ලබා ගෙන මෙය රඟ දක්වයි.කමත වේදිකාව කොටගෙන විනෝදයෙන්
කාලය ගත කරයි. |
| |
වන්නි
දෙවියන්-
මහඉලුප්පල්ලම
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
හොරොව්පතාන
වැල්බෝපතානේ වැසියන් වන්නි දෙවියන්ට භාරහාර
වන හැට් මෙහි විස්තර කෙරේ. මී කැපීම සඳහා යන
ගම්මුන් වන්නි ෙදවියන්ට තමන් ආරක්ෂා කර දෙන
ලෙස කරන භාරහාර විස්තර කිරීම් මෙහි ඇතුලත්ය.
|
| |
වරිග
චාරිත්‍ර- මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
හොරොව්පතාන
වැල්බෝපතාන ග්‍රාමයේ පවතින ඇදහිලි, විශ්වාස
පුරාණ සිංහලයාලග් පෞඩත්වය මැනවින් පෙන්වන ආකාරය
මෙයින් විස්තර කෙරේ.ගම් පාලනය කරන ආකාරය, නීති
රීති පනවන ආකාරය විස්තර කෙරේ.(ගම්වලට මොහොට්රාලලා,
භද්‍රරාලලා පත්කරන ආකාරය.) |
| |
ගම්මඩුවක
තොරතුරු - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
හිදගල
පාහිංගමුව වෙල්යායේ 2006 සැත්තැම්බර් මස 30
දින පැවති ගම්මඩු ශාන්ති කර්මය.අස්වැන්න නෙලා
ගැනීමෙන් අනතුරුව ඉරුගල් දෙවියන්ට භාරහාර වීමක්
ලෙස පුදපූජා පැවැත්වීම සිදුකරයි. මෙම පාහින්ගමුව
වෙල්යාය ජනප්‍රවාදවලට අනුව පැවති කතාවක්ද මෙයින්
විස්තර කරයි. |
| |
ගගුලැලි
ඕසය - මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
විවිධ
නාද රටාවලින් යුක්ත වීම ඕසයන්හි දක්නට ලැබෙන්නකි.ගජගා
ඕසය,පිරිත් ඕසය, හොරනෑ ඕසය ආදී ඕස කිහිපයකි. |
| |
කෝලම්
ගී - මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
පහත රට ශාන්ති කර්මයට අදාල
වූවකි. ජස ලෙන්චිනා කෝලම් නටයෙහි ගීත කිහිපයක්
මෙහි ඇතුලත්ය. මුදලිගේ ගාම්භීරත්වය ජසයා ගමනේ
යෙදෙන ගීතයක් මෙහි ඇතුලත්ය. |
| |
තවලම
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලි වැඩසටහනට කොත්මලේ විද්වතුන්
පිරිසක් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව
කෙරූ විචාරය. |
| |
කොත්මලේ
ඉතිහාසය හා සම්බන්ධ ජනප්‍රවාද - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
විශ්‍රාමික
විදුහල්පති ඒච්. බී නවරත්න මහතා දක්වන අදහස්.
හෙනකද බිසවගේ ජීවිත කතාවත්, කහට පිටිය, නයින්
කෙලනා තොට, අං කෙලිය, සම්බන්ද ජන ප්‍රවාදත්,
මඩ කුඹුර ග්‍රාමය ගැනත්, බඹර පැණි ගැනීම පිළිබදවත්,
ගවයන්ට සෑදුණු ලෙඩ සඳහා දේව පූජා පැවැත්වූ අාකාරය
පිළිබඳව මෙහි විස්තර කෙරේ. |
| |
මෙහෙ
ගී -
මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
ගැමියෝ
විනෝදය සඳහා මෙහෙ ගී ගෙතූහ. මෙහෙ ගී වැඩි වශයෙන්
යොදා ගන්නේ ගොයම් කැපීම සඳහායි. |
| |
තෙතගු
ගී - මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
ගොයම් කැපීම සඳහා මේ ගී යොදා ගැනේ. සමාජයේ විවිධ
සිද්ධි මේ සඳහා ප්‍රබන්ධ වේ.මෙහි ඇතුලත් වන්නේ
විවිධ පළාත්වල තොරතුරු කැටිකරගත් තෙතගු ගී කිහිපයකි. |
| |
වැදි
ගී
-
මහඉලුප්පල්ලම
ප්‍රජා
ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
සත්‍ය සිදුවීම් කවියට නගමින් ගායනය කරන ආකාරය
නායක තිසාහාමි විස්තර කරයි. වැදි කාන්තාවක් කියූ
නැලවිලි ගීයක්ද මෙහි ඇතුලත්ය. |
| |
කොත්මලේ
බඹර ගී
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
සත්වසකට වරක් සෑදෙන වැල්නෙළුවෙන් සහ රත්නෙළුවෙන්
බඹරු පැණි වඳ සාදන ආකාරයත්, පැණියෙහි රසත්,
ඒවා ප්‍රයෝජනයට ගන්නා ආකාරයත් මෙම කවි වලින්
දැක්වේ. |
| |
ගැමුණු
කුමරු
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
කොත්මලේ කොටගේ පිටියෙහි පැලැල්ල දෙනියේ මහගෙදර
පදිංචිව සිටි ගැමුණු කුමරු කොත්මලේ අතහැරයන විට
නැගුණු සිතුවිලි මෙම කවිවලින් කියවේ. |
| |
කොත්මලේ
අවට ගම් පිළිබඳව -
කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
කොටගල, බඹර කැලේ ගැන, නාවලපිටිය, මී පිටිය, කලපිටිය,
කඩදොර පිටිය, තිස්පෙනේ ගම් පිළිබඳව කියන කවි. |
| |
කොත්මලේ
කැලෑ ගැන -
කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
කඩදොර පිටිය, රම්බොඩ පිටිය කැලෑවන් ගැන කවියෙන්
විස්තර කොට ඇත. |
| |
අං
කෙළිය - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
පත්තිනි දේවියගේ බැල්ම රැගත් අං කෙළිය පිළිබඳව
ඉතාමත් මිහිරි වූ පදමාලාවක් මෙහි අන්තර්ගතකොට
ඇත. |
| |
බෝපත්
තලාව
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
බෝපත් තලාවෙහි නම සෑදෙන ආකාරය තේරවිලි ගීතයකින්
විසිතර කෙරේ. |
| |
හෙනකද
බිසව් - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
තරුණ වියෙහිදිම කඳ සුරිදුන්ගේ වරම් ලඳ මෙම බිසිව්ට
ගගසිරිපුර විකුම්බා රජ තමන්ගේ බිසව් වන ලෙස ඉල්ලාසිටි
මුත්, ඇය තමන්ට කඳ සුරිඳුන්ගේ ලද වරමින් ජනතාවට
පිහිට විය යුතුයයි ඉල්ලා සිටියා.ඒ අනුව රජතුමා
කොත්මලේ මොරපේ දේවාලයක් කිරීමට අවසර දුන්නේය.
ගගේ බණ්ඩාර නැමැති කොත්මලේ කුමාරයෙක් ඇයගේ පහස
පැතුවා. එයින් බේරීමට මැද්දෙගොඩින් ගඟට පැන්න
ආකාරය මෙයින් විස්තර කෙරේ. |
| |
කොත්මලේ
කදු පිළිබඳව - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
කඩදොර, මොනරගල, මැණික් ගල, තිස්පනා ගල කඳු පළිබඳව
කිවියෙන් විසිතර කෙරේ. |
| |
කොත්මලේ
කන්දේ නිලමෙ - කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
කොත්මලේ කදුන් නිලමෙට ලැබුණ නිලපහ ගැන මෙම කවි
වලින් විස්තර කරයි. |
| |
ගවයින්ට
සෑදුන වසංගතය
-කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
එම වසංගතයෙන් ගවයින් බේරාදුනහොත් දොලහ දෙවිදුන්ට
පුදසත්කාර කරන ආකාරයත්,දොලහ දෙවියන්ට පඬුරු බැදීමත්,
වසංගතයෙන් ගවයින් බේරාදෙන ලෙස කරන කන්නලව්වත්
මෙහි ඇතුලත්ය. |
| |
මඩකුඹුර
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලද
සාරවත් වෙල්යායත්, පිරිසිදු වතුර, චාරිත්‍ර රැකුණු
ගමෙහි විස්තර කවියෙන් කියවේ. |
| |
සිංහල
අවුරුදු සිරිත්
- කොත්මලේ
ප්‍රජා ගුවන් විදුලිෙය්දී පටිගත කරන ලදී
ගීත රචකයෙකු, ගත්කතුවරයෙකු,
ජන ශ්‍රැත පර්යේෂක වරෙයකු වන කොත්මලේ කඩදොර පී.බී
දිසානායක මහතා විසින් සිංහල අවුරුද්ද ගැන කල විචාරය.
ආසියාකරයේ වැඩියෙන් සැමරීම සිදුකරන, අවුරුද්ද
යනු කුමක්ද,අවුරුදු උදාවීම සඳහා බලපානු ලබන සිංහ,මේෂ
ආදී රාශීන් හැදින්වීමත්, අවුරුදු වාරිත්‍ර හැදින්වීමත්
මෙහි ඇතුලත්ය. |
| |
|