කොත්මලේ බඹර ගී - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

සත්වසකට වරක් සෑදෙන වැල්නෙළුවෙන් සහ රත්නෙළුවෙන් බඹරු පැණි වඳ සාදන ආකාරයත්, පැණියෙහි රසත්, ඒවා ප්‍රයෝජනයට ගන්නා ආකාරයත් මෙම කවි වලින් දැක්වේ.

   ගැමුණු කුමරු - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

කොත්මලේ කොටගේ පිටියෙහි පැලැල්ල දෙනියේ මහගෙදර පදිංචිව සිටි ගැමුණු කුමරු කොත්මලේ අතහැරයන විට නැගුණු සිතුවිලි මෙම කවිවලින් කියවේ.
  කොත්මලේ අවට ගම් පිළිබඳව - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

කොටගල, බඹර කැලේ ගැන, නාවලපිටිය, මී පිටිය, කලපිටිය, කඩදොර පිටිය, තිස්පෙනේ ගම් පිළිබඳව කියන කවි.
  කොත්මලේ කැලෑ ගැන - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

කඩදොර පිටිය, රම්බොඩ පිටිය කැලෑවන් ගැන කවියෙන් විස්තර කොට ඇත.
  අං කෙළිය - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

පත්තිනි දේවියගේ බැල්ම රැගත් අං කෙළිය පිළිබඳව ඉතාමත් මිහිරි වූ පදමාලාවක් මෙහි අන්තර්ගතකොට ඇත.
  බෝපත් තලාව - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

බෝපත් තලාවෙහි නම සෑදෙන ආකාරය තේරවිලි ගීතයකින් විසිතර කෙරේ.
  හෙනකද බිසව් - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

තරුණ වියෙහිදිම කඳ සුරිදුන්ගේ වරම් ලඳ මෙම බිසිව්ට ගගසිරිපුර විකුම්බා රජ තමන්ගේ බිසව් වන ලෙස ඉල්ලාසිටි මුත්, ඇය තමන්ට කඳ සුරිඳුන්ගේ ලද වරමින් ජනතාවට පිහිට විය යුතුයයි ඉල්ලා සිටියා.ඒ අනුව රජතුමා කොත්මලේ මොරපේ දේවාලයක් කිරීමට අවසර දුන්නේය. ගගේ බණ්ඩාර නැමැති කොත්මලේ කුමාරයෙක් ඇයගේ පහස පැතුවා. එයින් බේරීමට මැද්දෙගොඩින් ගඟට පැන්න ආකාරය මෙයින් විස්තර කෙරේ.
  කොත්මලේ කදු පිළිබඳව - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

කඩදොර, මොනරගල, මැණික් ගල, තිස්පනා ගල කඳු පළිබඳව කිවියෙන් විසිතර කෙරේ.
  කොත්මලේ කන්දේ නිලමෙ - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

කොත්මලේ කදුන් නිලමෙට ලැබුණ නිලපහ ගැන මෙම කවි වලින් විස්තර කරයි.
  ගවයින්ට සෑදුන වසංගතය -කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

එම වසංගතයෙන් ගවයින් බේරාදුනහොත් දොලහ දෙවිදුන්ට පුදසත්කාර කරන ආකාරයත්,දොලහ දෙවියන්ට පඬුරු බැදීමත්, වසංගතයෙන් ගවයින් බේරාදෙන ලෙස කරන කන්නලව්වත් මෙහි ඇතුලත්ය.
  මඩකුඹුර - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලද

සාරවත් වෙල්යායත්, පිරිසිදු වතුර, චාරිත්‍ර රැකුණු ගමෙහි විස්තර කවියෙන් කියවේ.
  සිංහල අවුරුදු සිරිත් - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

ගීත රචකයෙකු, ගත්කතුවරයෙකු, ජන ශ්‍රැත පර්යේෂක වර‍ෙයකු වන කොත්මලේ කඩදොර පී.බී දිසානායක මහතා විසින් සිංහල අවුරුද්ද ගැන කල විචාරය. ආසියාකරයේ වැඩියෙන් සැමරීම සිදුකරන, අවුරුද්ද යනු කුමක්ද,අවුරුදු උදාවීම සඳහා බලපානු ලබන සිංහ,මේෂ ආදී රාශීන් හැදින්වීමත්, අවුරුදු වාරිත්‍ර හැදින්වීමත් මෙහි ඇතුලත්ය.
 

තවලම - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි වැඩසටහනට කොත්මලේ විද්වතුන් පිරිසක් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව කෙරූ විචාරය.

 

කොත්මලේ ගම් සඳහා නම් සෑදුනු ආකාරය - කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

විශ්‍රාමික විදුහල්පති, හේමපාල ගමගේ මහතා විසින් ජනප්‍රවාද වලට අනුව කොත්මලේ ගම් සෑදුනු ආකාරය පිළිබඳව කරනු ලබන විස්තරය.