එළුවන් කෑම. - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

ජන ක්‍රීඩාවකි.මෙය විනෝදාස්වාදය සඳහා කරනු ලබන ක්‍රීඩාවකි.එම ක්‍රීඩාවට අයත් ගායනය මෙහි ඇතුලත් වේ.

  වැදි ගී- මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

කෝන් ගහේ ගීතය.
 

ලී කෙලි ගී- මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

පන්සල්, දේවාල,පෙරහැර, ආදිය සඳහා ‍මෙම ජන නැටුම් ඉදිරිපත් කරයි. පටි දගය තවත් රංග රටාවකි.එම ගීත ඇතුලත්ය.

  සොකරි - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

බෞද්ධ විහාර ආශ්‍රිත, පිංකම් වලදී මෙය රඟ දැක්වේ. උඩරට, වන්නි යන ප්‍ර‍දේශවල, ගොවිතැන් කටයුතුවලදී අස්වැන්න ලබා ගෙන මෙය රඟ දක්වයි.කමත වේදිකාව කොටගෙන විනෝදයෙන් කාලය ගත කරයි.
 

වන්නි දෙවියන්- මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

හොරොව්පතාන වැල්බෝපතානේ වැසියන් වන්නි දෙවියන්ට භාරහාර වන හැට් මෙහි විස්තර කෙරේ. මී කැපීම සඳහා යන ගම්මුන් වන්නි ‍ෙදවියන්ට තමන් ආරක්ෂා කර දෙන ලෙස කරන භාරහාර විස්තර කිරීම් මෙහි ඇතුලත්ය.

 

වරිග චාරිත්‍ර- මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

හොරොව්පතාන වැල්බෝපතාන ග්‍රාමයේ පවතින ඇදහිලි, විශ්වාස පුරාණ සිංහලයාලග් පෞඩත්වය මැනවින් පෙන්වන ආකාරය මෙයින් විස්තර කෙරේ.ගම් පාලනය කරන ආකාරය, නීති රීති පනවන ආකාරය විස්තර කෙරේ.(ගම්වලට මොහොට්රාලලා, භද්‍රරාලලා පත්කරන ආකාරය.)

 

ගගුලැලි ඕසය - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

විවිධ නාද රටාවලින් යුක්ත වීම ඕසයන්හි දක්නට ලැබෙන්නකි.ගජගා ඕසය,පිරිත් ඕසය, හොරනෑ ඕසය ආදී ඕස කිහිපයකි.

  කෝලම් ගී - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

පහත රට ශාන්ති කර්මයට අදාල වූවකි. ජස ලෙන්චිනා කෝලම් නටයෙහි ගීත කිහිපයක් මෙහි ඇතුලත්ය. මුදලිගේ ගාම්භීරත්වය ජසයා ගමනේ යෙදෙන ගීතයක් මෙහි ඇතුලත්ය.
 

මෙහෙ ගී - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී

ගැමියෝ විනෝදය සඳහා මෙහෙ ගී ගෙතූහ. මෙහෙ ගී වැඩි වශයෙන් යොදා ගන්නේ ගොයම් කැපීම සඳහායි.

  තෙතගු ගී - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී  

ගොයම් කැපීම සඳහා මේ ගී යොදා ගැනේ. සමාජයේ විවිධ සිද්ධි මේ සඳහා ප්‍රබන්ධ වේ.මෙහි ඇතුලත් වන්නේ විවිධ පළාත්වල තොරතුරු කැටිකරගත් තෙතගු ගී කිහිපයකි.
  වැදි ගී  - මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍ෙය්දී පටිගත කරන ලදී  

සත්‍ය සිදුවීම් කවියට නගමින් ගායනය කරන ආකාරය නායක තිසාහාමි විස්තර කරයි. වැදි කාන්තාවක් කියූ නැලවිලි ගීයක්ද මෙහි ඇතුලත්ය.