| |
මෙම
ආපදාවන් කොටස් දෙකකට වෙන්කල හැකිය.
මෙම ආපදාවන්ගෙන් පුද්ගල ආපදා
සමූහ ආපදා
යනුවෙන් ආපදා කොටස් කර ගැනිම අවබෝධය සඳහා පහසුව ගෙන දේ.මෙම ආපදාවන්ගෙන්
සෑම එකක්ම තවත් කොටස් දෙකකට වෙන් කල හැකිය.
පාරසරය
සම්බන්ධ ස්වභාවික ආපදා
පුද්ගලයන් සම්බන්ධ සජීවී ආපදා.
මේවායින් පරිසරය සම්බන්ධ ස්වභාවික ආපදා සිදුවන්නේ කලාතුරකිනි. උදාහරන
වශයෙන් සුනාමි (මුහුද ගොඩ ගැලීම) ගං වතුර, නාය යෑම, නියඟ, සුළිසුලං,
කුනාටු මේවා කිසිසේත්ම පාලනය කල නොහැකිය. එහෙත් ඒවායින් ගැලවීම සඳහා
මිනිසුන්ට ජීවන රටාවන් සකස් කල හැකිය.
පුද්ගලයන් සම්බන්ධ සජීවී අනතුරු ආපදාවන් කල්පනාකාරීව කටයුතු කලහොත්
අවම කරගත හැකිය. එනම් ගිනි තැබිම්,කලකෝලාහල,කැරලි ගැසිම් , බෝම්බ ප්‍රහාර,
රිය අනතුරු , පුද්ගල අනතුරු යන ඒවායි.
පරිසරය සම්බන්ධ ස්වභාවික ආපදාවන් කළමණාකරණය කරගන්නේ කෙසේද?
සුනාමිය බලපෑම් ඇතිකරනු ලැබුවේ මුහුද ආශ්‍රිත ප්‍රදේශවලය. එබැවින්
පලමුවෙන්ම අප කලයුත්තේ මුහුද ආශ්‍රයේහි පදිංචි වීමේදී අඩුම තරමින්
මීටර් 100කට වැඩි දුරකින් පදිංචි වීමයි. එම පදිංචියද කොන්ක්‍රීට් කනු
සහිතව සකස් කළ දෙමහල් ගෙයක නම් වඩාත් සුදුසුයි. ආපදාවන් කළමණාකරණය
වන්නේ එවෙනි දේ කලින් කර තිබුනොත් පමණි.සුනාමියෙන් වැඩි පුරම හානි
සිදුවුයේ මුහුද ආශ්‍රිතව පැල්පත් සහ ලෑලි ගෙවල්වල පදිංචිව සිටි පිරිසයි
.
ගං වතුරෙන් වැඩි පුරම හානි සිදුවන්නේ ගංගා අශ්‍රිතව සහ මිටියාවත් වාසී
ප්‍රජාවන්ය. නිරන්තරෙයන් වතුර ගලන්නේ නැති නිසා පහත් භූමිවල සහ ගං
ඉවුරැ අසල දිවිගෙවන ජනතාව නිවාස තැනීමේදී පෙර කී ලෙසට සූදානම් විය
යුතුය. වරක් දෙවරක් හෝ ගං වතුරට මුහුණ දුන් අයෙක් නම් එවැනි ප්‍රදේශයක
ජීවත් වන පිරිස් ඔරුවක් බෝට්ටුවක් තමා සන්තකයේ තබා ගැනීම වඩා වැදගත්ය.
එසේම ගං ඉවුර සුරක්ෂිත කිරීම සහ ගංවතුර වැඩිකල් රදා පවතින ආකාරයේ වැඩකිරීමෙන්
වැලකිය යුතුයි. ගං ඉවුර ආශ්‍රිත කර්මාන්ත ශාලා පවත්වාගෙන ගොස් වතුර
බැස යාම වැලැක්වීම හෝ කුණු ගොඩවල් කන්ටේනර් එසේ නැතහොත් පොලිතින් ආදියෙන්
වතුර බැස යන මාර්ග සැකසීම වැලැක්විය යුතුය.
පදිංචි කරවීම හෝ පදිංචි වීම සදහා ස්ථාන ලබා ගැනිමේදී එම ප්‍රදේශ නාය
යා හැකි නම්,ගල් සහිත දොල පාරවල් ආශ්‍රිතව නම්, දිය සීරාව සහිත නම්,
පදිංචි වීමෙන් වැලකිය යුතුය. එසේම නවතම කර්මාන්ත ශාලා පිහිටුවීම, යන්ත්‍ර
සූත්‍ර වල දෙදරිම සහිත නම් ගල් බෝර දමා ඉරි තැලුන පොලොව නම් එම ප්‍රදේශ
ආශ්‍රිතව පදිංචිය නොසුදුසුය.
පුද්ගලයන් විසින් සිදුකරන සජීවී ආපදා වලදී .ගිනි අනතුරු වලක්වා ගැනීම
සඳහා කර්මාන්ත ශාලාවල ගිනි ආරක්ෂක වැඩපිලිවලවල් සංවිධානය කොට පවත්වා
ගෙන යාම, පුද්ගලික නිවාසවල හැකියාව ඇති අය ගිණි ආරක්ෂක උපකරණ තබාගැනිම.එසේ
නොමැති ස්ථාන ගින්නෙන් වලක්වා ගැනීම සඳහා ලිප් ඇවිලීම, ලාම්පු පත්තු
කිරීම සහ භූමිතෙල්, පෙට්‍රල් ආදිය භාවිතා කිරීමේදී ආරක්ෂාකාරි වීම.
කලකෝලාහල -මේවා කොයිවෙලාවේදී ඇතිවිය හැකියයි කිව නොහැකිය.එබැවින් එවැනි
පරිසර වලින් මිදිය යුතුය. ඉවත් විය යුතුය. කලකෝලාහල ඇතිවන ආකාරයෙන්
කටයුතු නොකල යුතුයි. එවැනි දේ පැතිරෙන ආකාරයෙන් කටයුතු නොකල යුතුය.
බෝම්බ ප්‍රහාර - මේවා වැලක්විය හැකි ස්ථාන හදුනාගන්න. ඉන් හැකි ඉක්මනින්
ඉවත්වන්න. එමෙන්ම තර්ජනයට ලක්වන ස්ථාන හදුනාගන්න. එවැනි ස්ථානවල නිතර
ගැවසීමෙන් වලකින්න.
රිය අනතුරු- හැකි තාක් වලක්වා ගැනිමට තමන් ද උත්සාහ කල යුතුය. රියදුරු
වැරදි කරයිනම් ඔහුට දැනුම් දෙන්න.බැරිනම් ඔහුට දන්වා එම රථයෙන් බහින්න.
නිරන්තර නිරීක්ෂණය රිය අනතුරු වැලක්වීම සඳහා ප්‍රයෝජනවත් වේ.
|