|
නියග

මෙරට ආපදා පිළිබඳ අත්දැකීම් අතර අංක එකෙහි
වන්නේ නියගයයි. මෝසම් වැසි කොතෙකුත් ලැබුණද වියළි කලාපයේ ජනතාවට නියගයෙන්
බැට කන්නට සිදුවන වාරගණන අප්‍රමානය. නියගය හෝ එවැනි තත්වයන්ට වියළි
කලාපයේ ජනතාව සෑම වසරකම පාහේ මුහුණ දෙති. වැස්සට වගේම මේ නියගයටද මෝසම්
සුළංවල සබැඳියාවක් ඇත. මැයි සිට සැප්තැම්බර් කාලය නිරිත දිග මෝසම්
සුළං හමන කාලයයි. දිවයිනේ නිරිත දිගින් හමන මේ සුළග ඔස්සේ එන වර්ෂාව
වැඩිපුරම බලපාන්නේ රටේ මධ්‍යම ප්‍රදේශයටය. සෙසු ප්‍රදේශවලට ලැබෙන්නේ
අඩු වර්ෂාපතනයකි. ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තරම්ය.
එයින් මෑත කාලයේ ජනතාව වැඩි පිරිසක් පීඩනයට ලක් කළ නියං තත්වය වූයේ
වසර 2001 දී ඇති වූ නියං තත්වයයි. එයින් ප්‍රධාන වශයෙන් හම්බන්තොට
දිස්ත්‍රික්කයට තදින්ම බලපෑ අතර රට පුරා පවුල් 370,000 ක් පමණ ආපදා
තත්වයට පත්විය.

ගංවතුර

නිතර නිතර ගංවතුරට මුහුණ දෙන රත්නපුර ජනතාවට
2003 වසර කිසිසේත් අමතක වන වසරක් නොවේ.එයින් විශාල ජීවිත ගණනක් විනාශ
වූ අතර සිදුවූ දේපල හානිද සැලකිය යුතු තරම් වේ. රත්නපුරය නිතර නිතර
ගංවතුර තර්ජනය උදාවිය. එමෙන්ම බොහෝ පහත් ප්‍රදේශ ගණනාවක්ම මෙම තර්ජනයට
ලක්විය.
මෙලෙස ශ්‍රී ලංකාවට බලපාන ගංවතුර ප්‍රධාන ආකාර තුනක් මෙරට ආපදා කළමණාකරණ
විශේෂඥයන් විසින් හඳුනාගෙන ඇත. වර්ෂා ජලය ශීඝ්‍රයෙන් වැඩිවී පිටාර
ගැලීම නිසා ඇතිවන ගං වතුර, නිශ්චිත කාලයන්වලදී ගංගාවල ජලමට්ටම වැඩිවීම
නිසා ඇතිවන ගංවතුර, හදිසි කුණාටු නිසා ඇතිවන ගංවතුර.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුව අඩි 5ත්
8ත් අතර පවතින ගංවතුර තත්වයන් සුළු ගංවතුර තත්වයකි. අඩි 8ත් 11ත් අතර
තත්වයක් මහා ගංවතුරක් ලෙස සලකයි. අඩි 11 ඉක්මවන ගංවතුර තත්වයන් වාරිමාර්ග
දෙපාර්තමේන්තුවට අනුව විපත්තිදායක ගංවතුරකි.
බොහෝ ගංවතුර තත්වයන් තෙත් කලාපය ට බලපෑවද වසරේ අවසානය භාගයේදී වියළි
කලාපයට ඇද හැලෙන අන්තර්මෝසම්
වැසි කෙතරම් ප්‍රබල වන්නේද කිවහොත් එම ප්‍රදේශ ඉතා දරුණු ගංවතුර තත්වයන්
බවට පත්වීම තරම් බිහුසුණු වේ. දින ත්‍ුනක් ඇතුළත ඇදහැළුණු විශාලතම
වර්ෂාපතනය වන මිලිමීටර 1240 (1957 දෙසැම්බර් මාසයේ) වාර්තා වන්නේද
වියළි කලාපය නියෝජනය කරන හබරණෙනි.

සුළි සුළං සහ කුණාටු

සුළි සුළං ද බොහෝ සෙයින් මෝසම් සුළං රටාව සමග සමිබන්ධය. එසේ නැතහොත්
සම්බන්ධ වන්නේ බෙංගාල බොක්කේ අැතිවන අසාමාන්‍ය ත්තවයන්ය. ශ්‍රී ලංකාවේ
නිර්වචනයන්ට අනුව සුළිසුලං තත්වයක් ලෙස අරුත් දක්වන්නේ පැයට කිලෝමීටර්
118ට වැඩි සුළං හමන විටයි. පැයට කිලෝමීටර් 62ත් 117ත් අතර සුළං අරුත්
දැක්වෙන්නේ සුළි සුළගක් ලෙසයි. නියගය සහ ගංවතුරට බොහෝ විට නිරිත දිග
මෝසම් බලපෑවද සුළිසුලං සඳහා බලපාන්නේ ඊසාන දිග මෝසම් සුළංය.1881 ත්
2001ත් අතර කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට බලපාන පරිදි සුළි සුලං අවස්ථා
11ක් සහ සුළි සුලං අවස්ථා 11 ක් සහ සුළි කුණාටු තත්ව 5ක් ඇතිව තිබෙන
අතර එයින් සියයට 85 ක් පමණම සිදුව ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාස
තුළදීය. ඒ අනුව වසර අවසාන භාගය බොහෝ ලෙසින්ම සුළිසුළංවලට බර බවට කාලගුණ
විශේෂඥයෝ නිතර නිතර පවසති.

නායයාම්

සෑම වැසි කාලයකදීම මාධ්‍ය ඔස්සේ අනතුරු ඇගවෙන ප්‍රධානතම
ආපදා වර්ගය වන්නේ නායයෑම්ය. භූමිකම්පා තරම් නොවූවත් මෙරට ජන සමාජය
කම්පනයකට ලක් කිරීමට තරම් නාය යාම් ප්‍රබලය. දැඩි වර්ෂාපතනය. භූ විද්‍යාත්මක
ලක්ෂණ, මෙන්ම අනිසි ඉඩම් පරිහරණය නායයාම්වලට මාර්ගය විවිර කරයි. මේවන
විට භූ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ප්‍රධාන කරැණක් වන්නේ කඳුකර
ප්‍රදේශවල අනිසි ඉඩම් පරිහරණ රටාව බොහෝ සෙයින්ම නායයාම්වලට ඉඩකඩ විවිර
කර ඇති බවයි.
නායයාම් අවදානම සහිත ප්‍රදේශ මාර්ග ඉදිකරීම් , වගාකටයුතු ,ෙවනත් සංවර්ධන
කටයුතු සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීම. නිසි ජලවහන රටාවකින් තොරව බෑවුම්
ප්‍රදේශ විවිධ කටයුතු සඳහා භාවිතා කිරීම නායයාම් සඳහා බලපායි.
උඩට
|