|

ගින්දර
හා වනාන්තර
ආදි මිනිසුන් ගින්දර භාවිතා කල ස්ථාන දෙකක් දැන් සොයා ගෙන තිබෙනවා. එක් ස්ථානයක්
තමයි චීනයේ සුකුදියාන් ප්‍රදේශයේ ගල් ගුහාවල් අවුරුදු පන්ලක්ෂයක් පමණ ඉපැරණි
ගිනි මැල වල සලකුණු මේ ගල්ගුහා වල දැකගන්න පුලුවන්.
අනික් ස්ථානය තමයි දකුණු අප්‍රිකාවේ ගල් ගුහාවල්. මේවායේ ඇටකටු තිබී හමුවුනා.
ගල්ගුහා වල අදුර මකාදමන්නටත් සීත කාලයේ දී බඩු මුට්ටු උණුසුම්ව තබා ගන්නටත්
උපකාරවන ගිනි මැල දල්වා ගන්නට මේ ඇටකටු භාවිතා කල බව පෙනී යනවා. මේවායේ වයස
ලක්ෂ 15 ක් (සුකුදියාන් ගිනි මැල මෙන් තුන් ගුනයක් ) විතර වෙන බව ගනන් බලා
තිබෙනවා.
ආදි මිනිසා ගිනි දල්වා ගැනීමට ඉගෙන ගත් පසු තම ගල්ගුහා උණුසුම් කර ගැනීමට
හෝ ආහාර පිස ගැනීමට හෝ පමණක් නොව තමන්ගේ ආගමික වත් පිලිවෙත් පවත්වන්නටත්
ගින්න උපයෝගී කර ගත් බව කිව හැකියි. මෙටලස භාවිතයට ගත් ගින්නට මිනිස් ඉතිහාසය
පුරා විවිධ සංස්කෘතීන් හා ආගම් වල කිසියම් ගුප්ත අර්ථයක් හිමි වී තිබුනා.
ගින්නක් ඇතිවූ අවස්ථාවක වනාන්තරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 800 දක්වා
ඉහල යා හැකිය. ගින්න විනාඩියකට මීටර් 100 තරමේ වේගයකින් පැතිර යන්නත් බැරි
නැහැ. සම් නිසා අවට වෙසෙන මිනිසුන්ගේ ජීවිත වලටද තර්ජනයක් වෙමින් මුලු ප්‍රදේශයක්ම
විනාශ කර දැමීමට ගත වන්නේ ඉතා සුලු කාලයක් වර්තමානයේ බොහෝ ගිනි තැබීම් වලට
හේතු වන්නේ මිනිසාගේම නොසැලකිලිමත්කමයි.
ආර්ථික පරමාර්ථ මුල් කරගෙන ළදු කැළෑ වනාන්තර ගිනි තබන පුද්ගලයින්ද සිටිනවා.
ජල චක්‍රය හා දේශගුණය ක්‍රමවත්ව පවත්වා ගෙනයාමට උදව් දෙන වනාන්තර වායු ගෝලයෙන්
කාබන්ඩයොක්සයිඩ් වායුව ලබා ගෙන සත්වයාගේ පැවැත්ම සඳහා එයින් අම්ලකර වායුව
උත්පාදනය කරනවා. ජල ගැලීම් පාලනය කරමින් හා පස සෝදායාම වලක්වමින් එම පස සාරවත්ව
තබා ගන්නටත් වනාන්තර ආධාර කරනවා.
මිනිසාට අවශ්‍ය දැව වර්ග ආහාර හා බෙහෙත් වර්ග මෙන්ම තවත් බොහොමයක් ස්වභාවික
සම්පත් ලබා දෙන්නේද වනානාතරයි.

දැනට වසර 10000 පමණ උඩදී අපේ මේ ග්‍රහ ලෝකයේ මතුපිටින් අඩක්ම වැසී තිබුනේ
වනාන්තර වලින් මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා හැම සතියකම මිහිමතින්
තුරන් වී යන වනාන්තරවල ප්‍රමාණය පාපන්දු පිටි 325,000 ක ප්‍රමාණයටත් වැඩි
තරම්.
දැනට මුළු ලෝකයේම තිබෙන ස්වභාවික හා වගා කල වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 3500
ක් පමණ වෙනවා. ඒ වුනත් ආරක්ෂිත වනාන්තර වල ප්‍රතිශතය 6% කටත් අඩුයි.
කැලෑ එලි කිරීමට මූලික වශයෙන්ම හේතු වී තිබෙන්නේ විකිණිම සඳහා දැව වර්ග යොදා
ගැනීමත් කඩදාසි කර්මාන්තයත් බව කිව යුතුය.
|