|

ගංවතුර
ගලද්දී
ගංවතුර ලෝකයේ සෑම රටකටම පොදු විනාශකාරී අත්දැකීමකි. චීනය ,රුසියාව
ඇමරිකාව මෙන්ම ඉන්දියාව බංග්ලාදේශය ශ්‍රී ලංකාව ආදී සෑම රටකම මිනිස්සු
විවිධ අවස්ථා වලදී මහා ගංවතුරු උවදුරු නිසා පීඩා වින්දහ. අදත් හෙටත්
පීඩා විදිති. ගංවතුර බොහෝ දුරට ගලන්නේ පහත් බිමි හා ගංගා ආශ්‍රිත ප්‍රදේශවලටය.
සමහර විට ගංවතුර ඉතා හෙමින් ගලා දින කීපයක් පුරා පැවත බැසයයි. එහෙත්
සැඩගංවතුර එක්වරම සුලූ ගංවතුරකින් හෝ ඉතා ඉක්මනින් විනාඩි කිහිපයක්
තුල වැඩිවෙයි. සමහර විට ගංවතුර පවතින පළාත් වල වර්ෂාව නොමැති වුවද
වෙනත් ප්‍රදේශයකට වර්ෂාවකින් පහත් බිම්කරා ඉතා වේගයෙන් ජලය ගලා එයි.
ඉතාමත් භයානක මේ ක්ෂනික ගංවතුරයි. එවැනි ගංවතුරකින් කදුකරයක පවතින
ගල් කැබලි හෝ සුන්බුන් අපද්‍රව්‍ය සෝදාගෙන ආ හැකිය. එම නිසා එවන් ගංවතුරකට
අසුවීම භයානකය. වැහිනැති කාල වල කුඩා දොල පාරවල් දියකඩිති බෝක්කු වියලී
දොල ඉවුරු හා පහත් බිම් ප්‍රදේශ ඉතා සුරක්ෂිත ලෙසින් ඇතත් ඒවා ඕනෑම
විටක ගංවතුරෙන් දෝර ගලා පිටාර යාහැකිය.

වාසය සඳහා ගංගා ආශ්‍රිත පහත් බිම් තෝරා නොගත යුතු අතර ඔබේ නිවස හෝ
ගොඩනැගිල්ල මදක් හෝ උස් කොට සාදා ගැනීම යෝග්‍යය. තවද ගංවතුර ගලද්දී
නිවසේ උදුන් ශීතකරන වැනි විදුලි උපාංග විසංධි කර තැබිය යුතුය. නිවස
වටා හෝනිවස තුල ගංවතුර ගලා නොඒමට බාධක වැලි ගෝනි වැනි දේ යොදාගත යුතු
අතර කල් ඇතිවම නිවසේ අපද්‍රව්‍ය නිවසට ගලා නොඒමට ක්‍රම සකස් කරගත යුතුය.
ඔබේ පලාතට ගංවතුර ගලා එන බව වැටහෙන්නේ නම් නිරන්තරව ගුවන් විදුලිය
හා රූපවාහිනිය මගින් දෙන තොරතුරු කෙරෙහි අවධානයෙන් සිටින්න. එසේ නම්
වහාම උස් ස්ථානයකට යන්න. ඉවත්වන්නට උපදෙස් ලැබෙනතුරු බලා සිටියොත්
ප්‍රමාද විය හැකිය. ඔබ නිවස හැර යාමට එවන් අවස්ථාවලදී සූදානම් වන්නේ
නම් පහත සඳහන් කරුණු සිහිතබා ගන්න.
ඔබේ නිවස ගැන ආරක්ෂාව තහවුරු කර ගන්න. ඔබට කාලය ඇත්නම් අවශ්‍යම භාණ්ඩ
පමනක් අරගන්න. අනෙක් සියලුම ගෘහ භාණ්ඩ ආදිය උඩු මහලක් ඇත්නම් ඊට හෝ
කාමරයකට හෝ දමා අගුල් දමන්න.සියලුම විදුලි ස්විච ආදිය ගලවා විදුලිබලය
ලබාගන්නා ප්‍රධාන ස්විචය විසංධි කරන්න. ගංවතුර ගලතොත් තෙමී ඇත්නම්
විදුලි බලය ඇති ස්ථාන සහ විදුලි භාණ්ඩ පරිහරණය කරන්න එපා. වතුරේ සිට
ගෙන ඒවා අල්ලන්න එපා. එමෙන්ම ගංවතුර පවතින ස්ථාන වල මෝටර් රිය පදවන්න
යන්න එපා. හිටි හැටියේ ගංවතුර ප්‍රමාණය ඉහල ගියොත් ඔෙබ් රථයටත් ඔබටත්
අනතුරක් වේවි.සමහර විට රථයත් සමඟ ගසා ගෙන යන්නට පුලුවන්.
උඩට
|