ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය


මෙරට ආපදා කළමණාකරන සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳව ඇස ඇරුණේ 2004 සුනාමි විපතින් පසුවය. ඉන්පසු එළිදැක්වුණු නෛතික ලියවිල්ලක් වන්නේ ආපදා කළමණාකරණ පනතයි. 2005 අංක 13 දරණ මෙම පනතට අනුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ඉහළ පෙළේ ආපදා කළමණාකරණය පිළිබඳ ජාතික සභාවක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කරන ආයතනය වන්නේ ආපදා කළමණාරණ මධ්‍යස්ථානයයි.
ආපදා කළමණාකරණ සහ මානව හිමිකම් අමාත්‍යශය යටතේ පිහිටුවා ඇති මෙම ආයතනය ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යංශය සහ සමාජ සේවා අමාත්‍යංශය සමගද සමිබන්ධීකරණයක් පවත්වාගෙන යයි. ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යංශය රටේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු ඉලක්ක කරගෙන ආරම්භකළ පුනරුත්ථාපන සහ සංවර්ධනය පිළිබඳ ආයතනය (රාඩා ආයතනය) පිළිබඳ කටයුතු සොයා බලන අතර සමාජ සේවා අමාත්‍යංශය යටතේ ඇති ජාතික ආපදා කළමණාකරනණ මධ්‍යස්ථානය ආපදාවන්ට ලක්වූවන්ට වන්දි සහ සහනාධාර ලබාදීමේ කටයුතු මෙහෙයවයි. ඒ නිසා මෙම ආයතන අතර සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍යය.

ඉහත කී ආයතන තුළ ආපදාවකට පසුව ක්‍රියාත්මක වන මට්ටමේ ආයතනික ව්‍යුහයක් පවතින අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන්නේ ආපදාවක් සිදුවීමට පෙර එයින් ඇතිවන හානි අවම කිරීමට හෝ සිදුවන විනාශයන් අවම කිරීම සම්බන්ධ කටයුතුය.මෙම සංකල්පය නව පනත යටතේ ඉදිරිපත් වූ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය උත්සාහ දරන්නේ ආපදා සඳහා ඇති සූදානම ඉහළ මට්ටමකට පත් කිරීමටය.


ආපදා කළමණාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය
02, විජේරාම මාවත,කොළඹ 07.

 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය,
2-222,බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
දුරකථන -2670051,2670071, ෆැක්ස්-2670079.

ප්‍රැක්ටිකල් ඇක්ෂන්- දකුණු ආසියා වැඩසටහන
"කුඩා දෑ සුන්දරය" පොත ලියූ විශ්ව කීර්තිධර ආර්ථික විශේෂඥ ඊ.එෆ්. ෂුමාකර්ගේ සංකල්පයක් අනුව හැටේ දශකයේ ඇරඹුනු සංවිධානය 1989 දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ අතර 1999 දී දකුණු ආසියානු කලාපීය කාර්යාලය බවට පත්විය.
ආපදා කළමනාකරණය විෂයෙහි කලාපීය එකගතාවයක වැදගත්කම හඳුනාගෙන 1996 ‘Duryog Nivaran’ වූ දකුණු ආසියාතික ජාලය ස්ථාපිතකොට ඇත.
හම්බන්තොට.අම්පාර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටම්න් ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සමග කටයුතු කළ අතර එහි මූලික අරමුණ වනුයේ ගංවතුර තත්වයන්,නියග, කුනාටු ආදිය පෙර සූදානමක් ඇති කිරීම සහ ඒ සම්බන්ධව ජනතාව උනන්දු කරවීමටය.

ප්‍රැක්ටිකල් ඇක්ෂන්
05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 5, ශ්‍රී ලංකා.
දුරකථන- 011-2829412 ෆැක්ස්-011 2856188

ඊ-මේල් -Srilanka@practicalaction.org.lk

 

ජල ගැලීම්
වරිමාර්ග දෙපාර්තමේන්තුව -දුරකථන 011-2584984
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව -දුරකථන -011 2863705. .2867369 ෆැක්ස්-2862457

නායයෑම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
දුරකතන- 011-588946. ෆැක්ස්-011 2502611

වෙරළ ඛාදනය
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දුරකතන-011 2449754 ෆැක්ස්-011 2438005

උඩට