|
අනතුරු
- ගමනාගමනයේදී

අද ගමනාගමනය ළමුන්ට නොව වැඩිහිටියන්ට
වුවද අතිමහත් අභියෝගයක්ව ඇත්තේ තොරතෝංචියක් නොමැතිව ගමන් තිබීමත්.
ඒ පමණටම මගීන් හා බඩුබාහිර ප්‍රවාහනය කෙරෙන වාහන ගමනාගමනයෙහි යෙදීමත්
නිසාය.
විශේෂයෙන්ම පාසල් යන ළමුන්ගේ දෙමාපියන් විසින් වඩාත් සැළකිල්ලෙන් යුතුව
ස්වකීය දරුවන්ට උපදෙස් ලබා දිය යුතු සහ ඔවුන් මෙහෙයවිය යුතු ක්ෂේත්‍රයක්
ලෙස පාසල් ගමනාගමනය හැදින්විය හැකිය. ගමනාගමන හා ප්‍රවාහන කාර්යේදී
අනතුරු සිදුවිය හැකි ක්‍රම හා විධි කිහිපයක් මෙසේ හඳුනා ගනිමු.
වාහන නතර කරන්නට පළමු ළමුන් ඒවාට නැගීම හා ඒවායින් බැසීම.
පාපුවරුවේ ගමන් කිරීම හා හිස් සහ අත් වාහනවලින් පිටතට දමා ගමන් කිරීම.
පෞද්ගලික හා පාසල් සේවා වාහනවල ගමන් කරන අයගේ ඇගිලි හා අත් වාහන දොරවලට
අසුවීම.
වාහනවලට දුර සිට දිවගෙන යාමේදී
හා වාහනවලින් බැස පාසලට හේ නිවසට යාමේදී සෙසු වාහන ගැන නොතකා පාර හරහා
යාම.
විශේෂයෙන් පාසල් සේවා වාහනවල නිදාගෙන ගමන් කරන සිසුන් හදිසි නතර කිරීම්වලදී
ඝට්ටනය වීම.
අසල පදික වේදිකාවලින් හා වෙළෙඳුන්ගෙන් අපිරිසුදු හා ප්‍රමිතියක් නොමැති
විවිධ ආහාර පාන මිළදීගෙන අනුභව කිරීම.
ගැටුම්
නිරාකරණය

ගැටුමක් යනු දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු හෝ අතර පවත්නා එකිනෙකට නොගැලපෙන
සිතුම් පැතුම්, ආකල්ප,චර්යා ආදිය ඉස්මතුවීම තුළින් දක්නට හැකි ස්වභාවික
තත්වයකි. මෙම තත්වය තියුණු වූ විට අසමාන්‍ය වාද විවාද අකාරුණික බහින්
බස්වීම හෝ කායික වශයෙන් රණ්ඩු වීම්ද සිදුවිය හැකිය. ගැටුම් ස්වභාවික
තත්වයක් ලෙස සලකනුයේ සමාජයේ පමණක් නොව එකම පවුලේ වුවද සමාජිකයන්ගේ
අදහස් , ආකල්ප හා චර්යා රටා වෙනස්කම් හෝ පරස්පර විරෝධී බවක් දක්නට
හැකි නිසාය.
ගැටුමක් ඇති වනුයේ තමන්ගේ මතය නිවරැදිම යයිද අනෙක් අයගේ මතය සාවද්‍යයිද
කෙනෙකු උපක්ල්පනය කරන හෙයිනි. එයද ස්වභාවිකයි. එහෙත් තමන්ගේ මතයට ගරුකරන්නාක්
ෙමන් අනෙකාගේ මතයටද ගරුකිරීමට පුරුදු වුවහොත් ගැටුමක් සිදුවීමට ඉඩ
නැත. තමන්ගේ මතය දැරීමට තමන්ට ඇති අයිතිය මෙන්ම වෙනස් මතයක් දැරීමට
අනෙකාටද අයිතියක් ඇතිබව වටහා ගත් විට ගැටුම් ඇතිවීම අවම වේ.
මත හෝ ආකල්ප හෝ පිළබඳව කිසියම් නොගැලපීමක් ගැටුමක් දක්වා දුරදිග යා
නොදී නතර කර ගැනීම බුද්ධිමතුන්ගේ සිරිතකි. එවැනි නොගැලපීමක් ආරම්භ
වූ සැනින්ම "අපි මේ කතාව දැන් නතර කරමු. වෙන දෙයක් කතා කරමු.
"යනුවෙන් දෙදනාම එකගත්වයට පත්වීම ගැටුම නිරාකරණය කරගත හැකිය.
දෙදෙනෙකුගේ ගැටුමක් නිරාකරණය කරගත හැකි තවත් හොඳම ක්‍රමයක් නම් තුන්වැනකුගේ
මතය විචාරීමයි. එහෙත් තුන්වැනකුගේ මතය පිළිගැනීමට දෙදෙනාම සූදානම්
විය යුතුය. ඇතැම් විට තුන්වැන්නා බුද්ධිමතකු නොවේනම් එයවඩා බරපතල ගැටුමක
ආරම්භය විය හැකිය.
ත්‍රස්තවාදය හදුනාගනිමු.

ත්‍රස්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ තවත් බොහෝ රටවල දැන් මුහුණ
දීමට සිදුව ඇති බිහිසුණු තර්ජනයකි. එය රටේ පවත්නා නීතියට විරුද්ධව,
ජීවිත හා දේපළ කෙරෙහි අල්පමාත්‍ර සැලකිල්ලක් නැති තරම් විනාශකාරීය.
එදිනෙදා සිදුවන සෑම කාර්යයකටම හානිදායකය. එය තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක්
හෝ මුළු රටක් හෝ විසින් අති භයානක ප්‍රතිපල ලැබෙන සේ මේ යුගයේ ක්‍රියාත්මක
වෙයි. නීතිය කඩ කිරීම, බලහත්කාරකම, තර්ජනය, බිය වැද්දීම. ජීවිත හා
දේපල විනාශය, කප්පම් ලබා ගැනීම. ආයුධ සන්නද්ධවීම, නීතිවිරෝධී ලෙස ආයුධ
භාවිතය, පැහැර ගැනීම, ඝාතන ආදී සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාය.
ත්‍රස්තවාදීන් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා
යොදන උපක්‍රම හා ක්‍රමවේද බොහෝය. ඒවා පහසුවෙන් හැදින ගත නොහැකිය. එහෙත්
මෑත යුගයේ අපට අසන්ට ලැබුණ වාර්තා අනුය සෑම පුරවැසියෙකුටම තුස්තවාදය
තුරන් කර ගැනීම සඳහා ඉටුකළ හැකි වගකීමක් තිබේ. මෙහි ඉහත සඳහන් කළ ත්‍රස්තවාද
ක්‍රියාවන්ගෙන් එකක් හෝ තමන්ගේ පරිසරය් සිදුවන බවට සළකුණු තිබේ නම්
ඒ ගැන වහාම තමන්ගේ ප්‍රජාව දැනුවත් කිරීම එයින් ප්‍රදාන පියවරයි. ඉන්පසුව
ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දැනුම් දිය යුතුවෙයි.
ඇතැම් අවස්තාවල නොයෙක් ආකාරයේ පාර්සල් බෑග් සහ ඔතන ලද තෑගි භාණ්ඩ ආදියද
ප්‍රසිද්ධ ස්ථානවල දමා ගොස් ඇතිබව අපට දක්නට ලැබේ. ඒවා ගැන විශේෂයෙන්
සැලකිලිමත් වෙමු. ඒවා ඇල්ලීමට හෝ විවෘත කරන්නට හෝ රැගෙන යාමට කිසිවිටෙක
ඉදිරිපත් නොවිය යුත්තේ පුපුරණ ද්‍රව්‍ය ඒවායේ අඩංගුවිය හැකි නිසාය.එපමණක්
නොවේ, නොදන්නා නාඳුනන, තවුරුන් හෝ අපට දෙන පාර්සල් වැනි දේවල් කවර
ආකාරයකින් වත්, කොතනකදීවත් අප භාර නොගත යුතුය. එවැන්නක් භාර ගැනීම
අවධානම් කාර්යයක් බව කරුණාවෙන් පැහැදිලිකර දීමට අප පසුබට නොවිය යුතු
නැත. එය අපේ අයිතියයි. වගකීමයි. එවැන්නක් නොකරනලෙස සෙස්සන්ටද උපදෙස්
දියයුතු වෙමු. විශේෂයෙන්ම අපේ දරුවන්. පාසල් ළමුන් ගැටවර හා තරුණ දූ
පුතුන් ඒ ගැන නොපමාව දැනුවත්කළ යුත්තේ ඔවුන් සෙසු අයට උදව් කරන්නට
නොපැකිළෙන නිසාය.
ඇතැම් විට ප්‍රසිද්ධ ස්තානවලදී හෝ දුරකථන මධ්‍යස්ථානවලදී ත්‍රස්තවාදීන්ගේ
විවිධ පණිවිඩ හුවමාරු වේ. එවැන්නක් සවන් වැටුණු හෝ නෙත ගැටුණු අවස්ථා
වලදී ඒ බව ආරක්ෂක අංශවලට දැනුම් දීම සිදුකළ යුතුය.
උඩට
|