මාධ්‍ය සම්මානය- 2006


ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පිරිනමනු ලබන ආපදා කළමනාකරණයේ සුවිශේෂ දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමෙනු ලැබේ.

 

හැදින්වීම.


ආපදා කළමනාකරණය සම්බන්ධව සක්‍රීය සහ සාර්ථක ලෙස තම මාධ්‍ය හරහා දායකත්වය ලබාදුන් පූර්ණකාලීන හෝ නිදහස් මාධ්‍යවේදීන්ට හෝ පුවත්පත් ගුවන් විදුලි හෝ ආයතනවලට මෙම සම්මානය පිරිනැමේ.

 

මෙම සම්මානය දෙන්නේ ඇයි?


ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධ මාධ්‍ය වාර්ථාකරණයේ දිරිගැන්වීම.මෙරට ජනතාව වෙත ආපදා කළමණාකරනය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය හා මාධයවේදීන් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීමට ලක්කරයි.

සම්මානය පිළිබඳව


සම්මානය සඳහා සුදුසුකම් ලබන අයට සමිමාන ඵලකයක් සහ සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.ජාතික ආරක්ෂිත දිනය යෙදෙන දෙසැම්බර් 26 වෙනිදා ඒවෙනුවෙන් පැවැත්වෙන නිල උත්සවයකදී අදාළ සම්මාන ප්‍රදානය කිරිමට නියමිතය.

 

සම්මානය සඳහා තෝරා ගැනීමේ නිර්ණායක


සම්මාන සඳහා සුදුසුකම් ලබන්නන් ශ්‍රී ලාකිකයන් විය යුතු හෝ අදාල ප්‍රකාශන හෝ විකාශන ආයතනය රජය පිළිගත් නීත්‍යානුකූල එකක් විය යුතුය.
පුවත්පත් වාර්තා හෝ විශේෂාංග ජාතික මට්ටමේ පුවත්පතක විය යුතු අතර වාර්තා හෝ විකාශය වූ රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහන් 2005 ජනවාරී මාසයේ සිට 2006 ඔක්තෝබර් අතර පළවූ ඒවා විය යුතුය.
සම්මානය සඳහා තමන් විසින්ම ඉල්ලුම් කළ හැකි අතර අන් අයකු විසින් යෝජනා කරනු ලැබිය හැකිය.
පළවූ ප්‍රකාශනයේ පිටපතක් හෝ විකාශය අංගයේ ඩී.වී.ඩී පිටපතක් හෝ කැසට් පටයක් ද ඒ සමග ඉදිරිපත් කළ යුතුය.
වාර්තාවල පවතින නිරවද්‍ය බව,සමබර බව,ආපදා කළමණාකරනයට.තිරසාර සංවර්ධනයට පවතින අදාළත්වය එයින් සිදුවූ සම්මාන ඇගයීමට ලක්කර කමිටුවේ සමාජිකයෝ සම්මාන ඉල්ලීමට සුදුසුකම් නොලබති.


සම්මානය සඳහා ඉල්ලීමේ හෝ යෝජනා කිරිමේ ක්‍රියාවලිය

අධ්‍යක්ෂ ජනරාල්,
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,
2-222 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,කොළඹ 07.

 

සම්මාන ලාභීන් තෝරා ගැනීම.


මුද්‍රිත, ගුවන් විදුලි සහ රූපවාහිනී යන මාධ්‍ය තුන සඳහා වෙන වෙනම සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනටම වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ.
සියලුම ඉදිරිපත් කිරීම් එකම නිර්ණායකයකට අනුව ඇගයීමට ලක් කෙරෙන අතර ඇගයීම් කමිටුව විසින් ගනු ලබන තීරණ අවසාන තීරණය වේ.

ආදර්ශ අයදුම් පත්‍රය.

අයදුම් කරුගේ සම්පූර්ණ නම.............................
(මාධ්‍යය මුද්‍රිත/ගුවන් විදුලි/රූපවාහිනී)


ලිපිනය...............................................................


ආයතනය ....................................................................


දුරකථන අංකය සහ විද්‍යුත් තැපෑල ......................................


ඉදිරිපත් කරන අංගයෙහි නම (ලිපි/ප්‍රවෘත්ති අංගයන්/ගුවන් විදුලි වැඩසටහන්/වාර්තාමය වැඩටහන්/වාර්තාමය වැඩසටහන්)

උඩට